Latest News

ලබූබු බෝනික්කන් හදන සමාගමේ හිමිකරුගේ ධනය අතුරුදන් වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව පුරා උමතුවක් බවට පත්වූ ලබුබු (Labubu) බෝනික්කන් නිර්මාණය කරන Pop Mart සමාගමේ හිමිකරු වෑන්ග් නින්ගේ ධනය පසුගිය මාස කිහිපය තුළ විශාල ලෙස පහත වැටී ඇති බව විදෙස් පුවත් පවසයි.

මීට පෙර අලිබාබා ඔන්ලයින් වෙළෙඳපොළේ සමාරම්භක ජැක්-මා ට වඩා ධනවතෙකු බවට පත්ව සිටි 38 හැවිරිදි වෑන්ග් නින් හට, ලබූබු රැල්ල කෙමෙන් පහව යනු ඇතැයි පවතින බිය නිසා සිය ධනයෙන් ඩොලර් බිලියන 11.3 ක් අහිමි වූ බව සඳහන්.

වෑන්ග් නින්ගේ ධනය ඩොලර් බිලියන 27.5 සිට බිලියන 16.2 දක්වා අඩු වී තිබීම මෙම පහත බැසීම පෙන්නුම් කරයි.

හොංකොං කොටස් වෙළඳපොළේ පොප් මාර්ට් කොටසක මිල එහි ඉහළම අගය වූ හොංකොං ඩොලර් 339.80 (ඩොලර් 43.7) සිට 40% කින් පමණ පහත වැටී හොංකොං ඩොලර් 200 දක්වා අඩු වී ඇත.

මෙම වසරේ මුල් භාගයේදී සමාගමේ ආදායම තුන් ගුණයකින් වැඩි වී යුවාන් බිලියන 13.9 ක් විය.

ලාභය පස් ගුණයකින් වැඩි වී යුවාන් බිලියන 4.6 ක් වූ බව සඳහන්.

2025 වසරේදී විකුණුම් අගය යුවාන් බිලියන 30 දක්වා පහසුවෙන් ළඟා කර ගත හැකි බව වෑන්ග් නිං පුරෝකථනය කරයි.

2025 වසරේදී 200% ක ආදායම් වර්ධනයක් අපේක්ෂා කළද, 2026 වන විට එය 30% දක්වා අඩු විය හැකි බවයි විශ්ලේෂකයෝ පවසන්නේ.

අගෝස්තු මස අගදී නිකුත් කළ වර්ණ කිහිපයකින් යුත් කුඩා ප්ලෂ් ටොයිස් 28 කින් සමන්විත Labubu 4.0 මාලාවේ මිල ගණන් 30% කින් පමණ පහත වැටී තිබුණි.

මේවායේ නිල මිල යුවාන් 79 ක් වුවද, නැවත විකිණීමේ මිල යුවාන් 115 ($16.3) දක්වා අඩු වී තිබේ.

රිහානා, කිම් කාර්ඩෑෂියන් සහ බ්ලැක්පින්ක් කණ්ඩායමේ ලිසා වැනි ලෝක ප්‍රකට කලා තරු ද මෙම බෝනික්කන් එකතු කිරීමට පෙළඹී සිටියි.

Pop Mart සමාගම දැන් උත්සාහ කරන්නේ සීමිත නිෂ්පාදන හරහා පාරිභෝගිකයන් රඳවා ගැනීමට නොව, Disney වැනි විශාල විනෝදාස්වා ද සන්නාමයක් බවට පත්වීමටයි.

World News

Send your contact Details Today