Latest News

ඊශ්‍රායලය ගෙන ඇති තීරණයක්, ඉතාලිය ඇතුළු රටවල් 14ක් හෙළාදකියි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඉවුරේ නව යුදෙව් ජනාවාස 19ක් පිහිටුවීමට ඊශ්‍රායලය ගෙන ඇති තීරණය රටවල් 14ක් හෙළා දැක තිබේ.

එම පියවර කලාපයේ දිගුකාලීන සාමය සහ ආරක්ෂාව සඳහා වන අපේක්ෂාවන්ට හානි කරන බවයි ඔවුන් පවසන්නේ.

බටහිර ඉවුරේ ජනාවාස සඳහා ඊශ්‍රායලය ඒකපාර්ශවික ලෙස ගන්නා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරනවා පමණක් නොව අස්ථාවරත්වය අවුලුවා ලීමේ අවදානමක් ද ඇති කරන බව යුරෝපා රටවල් 12ක් සහ ජපානය හා කැනඩාව පවසයි.

ඒ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකරමිනුයි.

බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඉතාලිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ජපානය, මෝල්ටාව, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤ සහ එක්සත් රාජධානිය යන රටවල් ඊට අයත්.

මෙම තීරණය ගෙන ඇත්තේ පලස්තීනුවට එරෙහිව ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ප්‍රචන්ඩත්වය ඉහළ ගොස් තිබිය දී බව ද ඒකාබද්ධ නිවේදනයේ සඳහන්.

World News

Send your contact Details Today