Latest News

ප්‍රහාරවලට ලක් වූ සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රහාරවලට ලක් වූ සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්‍ෂා කිරීම සදහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට අවසර ලබාදිය නොහැකි බව ඉරානය ප්‍රකාශ කර තිබේ.

ඉරාන පරමාණුක බලශක්ති සංවිධානයේ ප්‍රධානී මොහොමඩ් එස්ලාම් ප්‍රකාශ කර ඇත්තේ සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අවසර ලබාදි තිබේද යන්න විධිමත් ලෙස පැහැදිලි කළ යුතු බවයි.

එසේ නොවේ නම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය එම ප්‍රහාර හෙළා දැකිය යුතු අතර පශ්චාත් යුද පරීක්‍ෂණ සදහා පැහැදිලි ක්‍රියාපටිපාටි ලබාදිය යුතු බවද ඉරාන පරමාණුක බලශක්ති සංවිධානයේ ප්‍රධානියා පවසා තිබේ.

ඉකුත් ජූනි මාසයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළේය.

එම ප්‍රහාරවලින් නටාන්ස්, ෆෝඩෝ සහ ඉස්ෆහන් ඇතුළු ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි සිදුව ඇති බවටයි වාර්තා පළ වුණේ.

කෙසේවෙතත් එම ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට සිදුවු හානිය නිෂ්චිත ලෙස අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍යවල සඳහන්.

World News

Send your contact Details Today