Latest News

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශය, මිකී ආතර් ප්‍රතික්ෂේප කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැතුම් නිස්සංක සම්බන්ධයෙන් පසුගියදා නව තේරීම් කමිටු පත් කිරීමෙන් පසු පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඔවුන් දැක් වූ අදහස් පිළිබඳ තමා කලකිරීමට පත්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සඳහන් කර තිබේ.

2021 වසරේ දී කැරිබියානු තරග සංචාරයට පැතුම් නිස්සංක ඇතුළත් කිරීමට, එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අකමැති වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශය ද මිකී ආතර් විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒෂියා ස්පෝර්ට්ස් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඔහු එම ප්‍රකාශය කර තිබේ.

එහිදී වැඩිදුරටත්, අදහස් දක්වමින් මිකී ආතර් ප්‍රකාශ කර ඇත්තේ “පැතුම්ගේ සාර්ථකත්වයට මට කිසිදු ගෞරවයක් අවශ්‍ය නැහැ. එය සම්පූර්ණයෙන්ම ඔහුගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අයත් එකක්. ඔහුගේ දක්ෂතාව නොසලකා හැරිය නොහැකි නිසා මම ඔහුට අවස්ථාවක් ලබා දුන්නා.” ලෙසයි.

World News

Send your contact Details Today