Latest News

ට්‍රම්ප් තවත් රටක් සමඟ මතභේදයක් ඇති කර ගනියි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෙන්මාර්කය සමග නව මතභේදයක් ඇති කර ගෙන තිබේ.

ඒ, ඔහු අත්පත් කරගැනීමට අපේක්ෂාවෙන් සිටින විශාල ආක්ටික් දූපත වන ග්‍රීන්ලන්තයට විශේෂ නියෝජිතයෙකු පත් කිරීමත් සමඟයි.

එලෙස පත්කර ඇත්තේ ලු‍සියානාහි රිපබ්ලිකන් ආණ්ඩුකාර ජෙෆ් ලැන්ඩි්‍ර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජාතික ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තය තම රටට අවශ්‍ය බවත්, එය අමෙරිකාවේ තිබිය යුතු බවත්, විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කෝපයට පත් ඩෙන්මාර්කය කරුණු විමසීම සඳහා අමෙරිකානු තානාපතිවරයා කැඳවීමට ද පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

World News

Send your contact Details Today