ගත වූ සතිය ඇතුළත අධික වර්ෂාපතනයක් හට ගැනීමෙන් ජාවා දූපත ඇතුළු ඉන්දුනීසියාවේ ප්‍රාන්ත 5කට ගංවතුර තත්ත්වයක් උදා වූ බව එරට ආපදා සහන ඒජන්සිය තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සති අන්තය වන විට ගංවතුර හේතුවෙන් එම ප්‍රාන්තවල නිවාස 563ක් සහ රජයේ ගොඩනැඟිලි රැසක් ජලයෙන් යට වූ බව ද ආපදා සහන ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.
බටහිර ජාවා දූපතේ රෙන්ගස් ගංගාව පිටාර ගලා ගොස් ඇති අතර, ඒ අවට නිවාස 28ක් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.
පසුගියදා සුමාත්‍රා දුපතේ ප්‍රාන්ත 3කට බලපෑ මාරාන්තික ගංවතුර තත්ත්වයෙන් පසු සහන සේවා සැලසීමේ මෙහෙයුම් සිදු කරමින් සිටි එරට ආපදා සහන ඒජන්සිය ඉන්දුනීසියාවේ සෙසු ප්‍රාන්තවලට බලපෑ ගංවතුර හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බවත්, ආපදාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා අතිරේක පිරිස් කැඳවීමට පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.