Latest News

එංගලන්තයේ මාර්ගයක විශාල පොළොව ගිලාබැසීමක් හේතුවෙන් බරපතල තත්වයක් පිළිබඳ ප්‍රකාශයට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්තයේ ෂ්රොප්ෂයර් හි විට්චර්ච් ප්‍රදේශයේ ඇළ මාර්ගයක ඇති වූ විශාල පොළොව ගිලාබැසීමක් හේතුවෙන් බරපතල තත්වයක් පිළිබඳ ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම සිදුවීම පිළිබඳ වාර්තා අද අලුයම ලැබී ඇති අතර, ඇළ ඉවුර කඩා වැටීම නිසා විශාල ජල ප්‍රමාණයක් අවට ප්‍රදේශයට ගලා ගොස් තිබුණි.

දළ වශයෙන් මීටර් 50 x 50 ප්‍රමාණයේ විශාල සිදුරක් එකවරම නිර්මාණය වී ඇති අතර, ඒ හේතුවෙන් බෝට්ටු දෙකක් එම සිදුර තුළට ඇදී ගොස් තිබේ.

මෙහිදී කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැතත්, අසල නවතා තිබූ බෝට්ටු වල සිටි පදිංචිකරුවන් 12 දෙනෙකු පමණ ආරක්ෂිතව ඉවත් කර තිබේ.

ඔවුන් විට්චර්ච් හි පැරණි පොලිස් ස්ථානයේ පිහිටි සුබසාධන මධ්‍යස්ථානයකට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ගිනි නිවන භටයන් විසින් ජල ගලායාම පාලනය කිරීම සඳහා විශේෂ භාවිතා කරමින් සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මහජන ආරක්ෂාව සඳහා විට්චර්ච් මරීනා ඇතුළු අවට ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී තිබේ.

මෙම මෙහෙයුම සඳහා ආයතන කිහිපයක සහභාගීත්වයෙන් යුත් ඒකාබද්ධ ප්‍රතිචාර කණ්ඩායමක් ක්‍රියාත්මකයි.

World News

Send your contact Details Today