Latest News

තවත් රටක පාසල් ළමුන්ට දුරකථන භාවිතය තහනම් කරයි

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මාලදිවයිනේ පාසල් සිසුන් සඳහා ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් දැඩි නීතිරීති මාලාවක් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් ඊයේ රාත්‍රි ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මෙම නව නීති ඉදිරි අධ්‍යයන වර්ෂයේ සිට දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී ඇත්තේ.

ඊයේ එරට හුල්හුමාලේ හි පැවැති ප්‍රජා හමුවකදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.

නව නීතිරීති යටතේ 10 ශ්‍රේණිය සහ ඊට පහළ ශ්‍රේණිවල සිසුන්ට පාසලට ජංගම දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්.

මීට පෙර ද මෙම නීතිය පැවතුනත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

11 සහ 12 ශ්‍රේණිවල සිසුන්ට පාසලට ජංගම දුරකථන රැගෙන ආ හැකි නමුත්, පන්ති පැවැත්වෙන කාලය තුළ ඒවා ලොකර් තුළ තැබිය යුතුයි.

කෙසේ වෙතත්, ඔවුන්ට විවේක කාලයේදී දුරකථන භාවිතා කිරීමට අවසර තිබේ.

පන්ති කාමර සඳහා අවශ්‍ය ලොකර් පද්ධතියක් ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටියි.

මෙම දැඩි තීරණය ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මේ මස මුලදී අඩ්ඩු මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු සහ ගුරුවරයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දැක්වෙන වීඩියෝවක් ප්‍රචාරය වීමයි.

එමෙන්ම, සිසුන් පාසලට දුරකථන රැගෙන ඒම පිළිබඳව දෙමාපියන්ගෙන් ද පැමිණිලි ලැබී තිබෙන බව සඳහන්.

මෙම නව පියවර මඟින් පාසල් පද්ධතිය තුළ විනය පවත්වා ගැනීම සහ අනවශ්‍ය ගැටලු අවම කිරීම රජයේ අරමුණයි.

World News

Send your contact Details Today