Latest News

ජර්මානු ජාතික ඉංජිනේරුවරියක්, අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, රෝද පුටුවක් භාවිතා කරන පුද්ගලයෙකු ප්‍රථම වරට අභ්‍යවකාශයට පිවිසීමට සමත් විය.

ඒ, ජර්මානු ජාතික ඉංජිනේරුවරියක වන 33 හැවිරිදි මිකේලා බෙන්තාව්ස් (Michaela Benthaus) විසින්.

ජෙෆ් බේසොස්ගේ බ්ලූ ඔරිජින් (Blue Origin) සමාගමට අයත් ‘නිව් ෂෙපර්ඩ්’ රොකට්ටුව මඟින් ඇය මෙම ඓතිහාසික ගමන සිදු කළේය.

මීට වසර 7කට පෙර සිදුවූ පාපැදි අනතුරකින් ඇගේ දෙපා පණ නැති වුවද, ඇය සිය අභ්‍යවකාශ සිහිනය අත්හැරියේ නැහැ.

තවත් මගීන් පස් දෙනෙකු සමඟ එක්ව 105kmක් ඉහළ අහසට ගිය ඇය, එහිදී මිනිත්තු කිහිපයක් ගුරුත්වාකර්ෂණයෙන් තොරව අභ්‍යවකාශයේ පාවෙමින් පෘථිවියේ සුන්දරත්වය අත්විඳීමට සමත්විය.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ ඉංජිනේරුවරියක ලෙස සේවය කරන මිකේලා බෙන්තාව්ස් පවසන්නේ, මෙම ජයග්‍රහණය ආබාධිත ප්‍රජාවට ලබාදුන් විශාල පණිවිඩයක් බවයි.

කිසිදු බාධාවකින් තොරව ඇයට රොකට්ටුව තුළට පිවිසීමට හැකිවන පරිදි විශේෂ පහසුකම් එහි සකස් කර තිබූ අතර, ඇගේ මෙම නිර්භීත ක්‍රියාව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ඇගයීමට ලක්ව තිබේ.

World News

Send your contact Details Today