යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට වැඩි පීඩනයක් එල්ල කරන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකාවෙන් ඉල්ලා සිටියි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රිකයින් නව සාකච්ඡා සඳහා මියාමි වෙත එක්රැස් වූ අවස්ථාවේදීයි.
යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට ඒත්තු ගැන්වීමට හැකියාව ඇත්තේ අමෙරිකාවට පමණක් බව සෙලෙන්ස්කි පවසා ඇති අතර, එය සිදු කිරීම සඳහා රුසියාවට වැඩි පීඩනයක් එල්ල කරන ලෙසද ඔහු එහිදී ඉල්ලා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තානාපතිවරුන් විසින් අමෙරිකාවෙන් යුක්‍රේනයට ආරක්ෂක සහතික ලබාදෙන සාම සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ යුක්රේනයට පවසා ඇත්තේ කිසිදු ගිවිසුමකට බල නොකරන බවත් යුක්‍රේනය එකඟ නොවන්නේ නම් සාම ගිවිසුමක් නොමැති බවයි.
යුක්‍රේන සහ රුසියානු තානාපතිවරුන් අවසන් වරට නිල සාකච්ඡා පැවැත්වූයේ පසුගිය ජූලි මාසයේ ඉස්තාන්බුල්හිදීයි.
කෙසේවෙතත් එය සිරකරුවන් හුවමාරුවකට පමණක් සිමා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.