නත්තල් සීයා ලෙස සැරසුනු පුද්ගලයින් සිය ගණනක් සහභාගි වූ යතුරුපැදි සවාරියක් පිළිබඳ අපූරු පුවතක් බල්ගේරියාවෙන් වාර්තා වෙයි.
වාර්ෂිකව පැවැත්වෙන මෙම යතුරුපැදි සවාරිය බල්ගේරියාවේ සොෆියා නගරය හරහා ගමන් කර තිබේ.
නත්තල් උත්සවයට අලංකාරයක් එක්කිරීම මෙන්ම රැකවරණය ලබන දරුවන් සඳහා ආහාර සැපයීමට හා පාසල් උපකරණ ලබාදීමට ආධාර රැස්කිරීම මෙහිදී සිදුකෙරෙයි.
මෙවර යතුරුපැදි සවාරිය සඳහා නත්තල් සීයා ලෙස සැරසුනු පුද්ගලයින් 200ත් 300ත් අතර සංඛ්‍යාවක් සහභාගි වූ බවයි වාර්තා වන්නේ.
මෙවර එම සවාරිය පැවැත්වුණේ අඛණ්ඩව 10 වන වරටයි.