Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම දිනවල ශ්‍රී ලංකාවේ වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් පෙන්නුම් කරන බව මධ්‍යම පරිසර අධිකාරි‍ය පවසයි.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ උතුර, උතුරු මැද සහ බස්නාහිර පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය එක්ක 150ත් 200ත් අතර අගයක් ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන පැවසුවේ.

අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසමේ සුළං ප්‍රවාහයේ සක්‍රීය වීමත් සමගම මේ තත්ත්වය ඇති වන බවයි ඔහු සඳහන් කළේ.

වායු ගුණාත්මකභාවය පහළයාම හේතුවෙන් ඊට සංවේදී වෙන පුද්ගලයින් සිටින අතර ඔවුන් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම හෝ ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන ලෙස ද ඔහු දැනුම් දෙයි.

World News

Send your contact Details Today