Latest News

වෙනිසියුලාවෙන් ගිය තවත් තෙල් නැවකට අමෙරිකාව සිදු කළ දේ

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලාවෙන් පිටත්ව ගිය තවත් තෙල් ටැංකියක් එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මාසයේ දී එක්සත් ජනපදය එරට වෙරළට ඔබ්බෙන් තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙයයි.

වෙනිසියුලාවට ඇතුළු වන සහ පිටවන තහනම් තෙල් සහිත නැවු අවහිර කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාවේ මෙම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වෙනිසියුලාව තවමත් ප්‍රතිචාර දක්වා නොමැති නමුත්, වොෂින්ටනයේ තෙල් සම්පත් සොරකම් කිරීමට උත්සාහ කරන බවට මීට පෙර චෝදනා කර තිබෙනවා.

ලොව විශාලතම බොරතෙල් සංචිතය වන වෙනිසියුලාවේ තෙල් සම්පත් පාලනය කර ගැනීම සඳහා එක්සත් ජනපද හමුදා ගොඩනැගීමේ අරමුණ බව මධුරෝ චෝදනා කරන්නේ.

මෙම මෙහෙයුම මෙහෙයවනු ලැබුවේ අමරිකාවේ වෙරළාරක්ෂක බලකාය විසිනි.

ධවල මන්දිරය පැවසුවේ, අදාළ ස්කිපර් නෞකාව “නීති විරෝධී තෙල් ප්‍රවාහනයකට” සම්බන්ධ වී ඇති බවත්, එය අමෙරිකාවේ වරායකට රැගෙන යන බවයි.

මිට පෙර පළමු නැව අත්අඩංගුවට ගැනීමෙන් පසුව වෙනිසියුලානු රජය මෙම පියවර හෙළා දුටු අතර, එක්සත් ජනපදය කාර්ය මණ්ඩලය පැහැරගෙන ගොස් නැව සොරකම් කළ බවයි වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ පැවසුවේ.

මෑත සතිවලදී, එක්සත් ජනපදය කැරිබියන් මුහුදේ සිය හමුදා පැවැත්ම ගොඩනඟමින් සිටින අතර වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට චෝදනා එල්ල වන බෝට්ටුවලට මාරාන්තික ප්‍රහාර එල්ල කර තිබේ.

එහිදී පුද්ගලයින් 100 ක් පමණ මිය ගොස් තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම යාත්‍රා මත්ද්‍රව්‍ය රැගෙන ගිය බවට එක්සත් ජනපදය කිසිදු ප්‍රසිද්ධ සාක්ෂියක් සපයා නොමැත.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ, කාටෙල් ඩි ලොස් සෝල්ස් නමින් නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයකට නායකත්වය දෙන බවට අමෙරිකා එක්සත් ජනපදය චෝදනා කර ඇති අතර, ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලබයි.

ට්‍රම්ප් පරිපාලනය ඔහුට සහ කණ්ඩායමට චෝදනා කරන්නේ සොරකම් කළ තෙල් භාවිතා කර මුදල් උපයා ගැනීම, මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය, මිනිස් ජාවාරම, මිනීමැරුම් සහ පැහැරගැනීම් සඳහා කටයුතු කළ බවයි.

දෙවන නෞකාව අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් X හි පළ කළේ, එක්සත් ජනපදය නීති විරෝධී අපරාධ ජාල විනාශ කිරීම සඳහා නොසැලී සමුද්‍රීය තහනම් මෙහෙයුම් දිගටම කරගෙන යන බවයි.

ලොව විශාලතම ඔප්පු කරන ලද තෙල් සංචිත ඇති රට වන වෙනිසියුලාව, රජයේ වියදම් සඳහා මුදල් සැපයීම සඳහා තෙල් අපනයනයෙන් ලැබෙන ආදායම මත බෙහෙවින් රඳා පවතී.

වෙනිසියුලානු බොරතෙල් විශාලතම ගැනුම්කරු චීනය වන අතර එය එහි ආනයනයෙන් සියයට 4 ක් පමණ වනවා.

දෙසැම්බර් මාසයේදී නැව්ගත කිරීම් සාමාන්‍යයෙන් දිනකට බැරල් 600,000 කට වඩා වැඩි වන බව විශ්ලේෂකයින් පවසන්නේ.

සම්බාධක යම් කාලයක් පැවතුනහොත්, දිනකට බොරතෙල් බැරල් මිලියනයකට ආසන්න සැපයුමක් අහිමි වීම තෙල් මිල ඉහළ යාමට ඉඩ ඇති බවයි විශ්ලේෂකයින් වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

World News

Send your contact Details Today