Latest News

ඉන්දීය මලයාලම් සිනමාව තුළ ප්‍රවීණයෙකු දිවි සැරියට සමුදෙයි

Published 15 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ මලයාලම් සිනමාව තුළ ප්‍රවීණ සිනමා නළුවෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදකවරයෙකු සහ තිරකතා රචකයෙකු වූ ශ්‍රීනිවාසන් අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට වයස 69 වැනි වියෙහි පසුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

දීර්ඝකාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් කේරළයේ උදයම්පෙරූර් හි සිය නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු, සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා කොචි නගරයේ ත්‍රිපුනිතුරා රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස මියගොස් තිබුණි.

වසර 50කට ආසන්න කාලයක් පුරා විහිදුණු ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ චිත්‍රපට 225කට වඩා වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබේ.

හාස්‍යය සහ තියුණු සමාජ විවේචනය මුසු කරමින් ජනප්‍රිය සිනමාවේ වෙනසක් ඇති කිරීමට ඔහු සමත් විය.

ඔහු Odaruthammava Aalariyam, Sandesam, Nadodikkattu සහ Njan Prakashan වැනි සුවිශේෂී චිත්‍රපටවල තිරකතා රචකයා ලෙස කටයුතු කර තිබේ.

ඔහු විසින් අධ්‍යක්ෂණය කළ Vadakkunokkiyanthram සහ Chinthavishtayaya Shyamala යන චිත්‍රපට මධ්‍යම පාන්තික ජීවිතය පිළිබඳ සංවේදීව සහ සූක්ෂමව ඉදිරිපත් කළ නිර්මාණ ලෙස පැසසුමට ලක් විය.

කේරළයේ කන්නූර් දිස්ත්‍රික්කයේ උපත ලැබූ ඔහුගේ පියා පාසල් ගුරුවරයෙක් වන අතර මව ගෘහණියක ලෙස කටයුතු කළේය.

මට්ටනූර් PRNSS විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් ඔහු, 1977 වසරේදී චෙන්නායි හි තමිල්නාඩු චිත්‍රපට සහ රූපවාහිනී ආයතනයෙන් සිනමාව පිළිබඳ විධිමත් පුහුණුවක් ලබා තිබේ.

World News

Send your contact Details Today