Latest News

“එයා ගැන කතා කරන්න මට දව­සම මදි” – ටානියා විශානි මුණසිංහ

Published 11 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දක්ෂ සුන්දර නර්තන ශිල්පි­නි­යක් ලෙස කලාව තුළ නමක් තැබූ ටානියා විශානි මුණ­සිංහ දැන් රංග­න­ය­ටත් ඇවිත්. හිරු නාළි­කාවේ මේ දින­වල විකා­ශය වන “තරු ආදරේ” හි “විශ්මි” ඇයයි. ඒ එක්කම ජාතික රූප­වා­හි­නියේ විකා­ශය වන ආද­ර­ණිය මිනි­සෙක් හි දුරංගි ද ඇයයි. අද අපේ කතා­බහ නර්ත­න­යෙන්, රංගනයෙන් දස්ක­ම්පාන ටානියා සම­ඟිනි.

ටානියාගෙ පෞද්ගලික තොරතුරුවලින්ම සාකච්ඡාව අරඹමු?
මම වෘත්තී­මය නර්තන ශිල්පි­නි­යක්. මගේ සැමියා අසංග ද සිල්වා. ඔහු නර්ත­නා­චා­ර්‍ය­ව­ර­යෙක්. මට පුංචි දිය­ණි­යක් ඉන්නවා. මේ දින­වල විකා­ශය වන ‘තරු ආදරේ’ නාට්‍යය සම­ඟින් මම රංග­න­ය­ටත් යොමු­වුණා.

ඇයි රංග­න­යට පිවි­සෙන්න මේ තරම් කාල­යක් ගත්තේ?
මීට පෙර අවස්ථා ගණ­න­ක­දීත් රංග­නය සඳහා ආරා­ධනා ලැබුණා. මගේ හිතේ කැමැ­ත්තක් තිබු­ණත් අසං­ගගේ හිතේ කැමැ­ත්තක් තිබුණෙ නැති නිසා මාත් ඒ ගැන උනන්දු වුණේ නැහැ.

පළමු රංගන අත්දැ­කීම කොහො­මද දැනුණේ?
තරු ආදරේ නාට්‍ය­යට එකතු වෙන්න ලැබෙන්නේ අහ­ම්බෙන්. එහි නිෂ්පා­දක ධනුෂ්ක ප්‍රනාන්දු ඉන්නේ ඔස්ට්‍රේ­ලි­යාවේ. තරු ආදරේ නාට්‍යයේ වැඩ­ව­ලට ලංකා­වට ඇවිත් යන්න ආපු දවසේ උදේ අසං­ගට මැසේජ් එකක් දාලා තිබුණා දෙන්නත් එක්ක හමු­වෙන්න එන්න කියලා. හමු වුණාට පස්සේ එයා මේ නාට්‍යය ගැනත් ‘විශ්මි’ කියන චරි­තය ගැනත් කිව්වා. එයාගෙ ඔළුවෙ තිබිල තියෙන්නෙ මම. රඟ­පාන්න කැම­තිද කියලා ඇහුවා. මම හිතේ කැමැත්ත තිබු­ණත් අසං­ගගෙ කැමැත්ත මොකක් වෙයිද කියලා මට එවෙ­ලෙත් හිතුණා. ඒ වෙලාවෙ අසංග දෙපා­රක් නොහි­තාම ඒකට කැම­තියි කිව්වා. ඒ විදි­හට තමයි මං තරු ආදරේ නාට්‍ය­යට සම්බන්ධ වෙන්නේ. තරු ආදරේ නාට්‍යය මගේ ජීවි­තේට ගොඩක් විශේ­ෂයි. පළමු නාට්‍ය විදි­හට ඒ ලබපු, ඒ වගේම තව­මත් ලබන අත්දැ­කීම් හරිම රස­වත්. අධ්‍ය­ක්ෂ­ක­ව­රයා ඇතුළු කණ්ඩා­ය­මෙන්ම ලොකු සහ­යෝ­ග­යක් ලැබෙ­නවා. හැම කෙනෙක්ම හරිම ආද­ර­ණී­යයි. පිට­පත ලියන බුද්ධිනී ජය­ව­ර්ධන අක්ක­ගෙ­නුත් ලොකු සහ­යෝ­ග­යක් ලැබෙ­නවා. ඇය­වත් විශේ­ෂ­යෙන් මතක් කරන්න ඕනේ. විශ්මිගෙ චරි­තෙට මට ගොඩක් හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා. ඒ ගැන ගොඩක් සතු­ටුයි. තරු ආදරේ හරිම ලස්සන නාට්‍ය­යක්. ඉස්ස­ර­හට තවත් රස­වත්….

‘ආද­ර­ණීය මිනි­සෙක්’ නාට්‍යට එකතු වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ‍?
සති අන්තයේ ජාතික රූප­වා­හිනී නාළි­කාවේ විකා­ශය වෙන ආද­ර­ණීය මිනි­සෙක් ටෙලි නාට්‍යය සමඟ එකතු වෙන්න ලැබී­මත් මට ලොකු සතු­ටක්. එහි අධ්‍ය­ක්ෂ­ව­රයා සිව­ගු­රු­නා­දන් සර්. නවක රංගන ශිල්පි­නි­යක් විදි­හට ඔහු අධ්‍ය­ක්ෂ­ණය කරන නාට්‍ය­යක රඟ­පාන්න ලැබීම මට ලොකු සතු­ටක්.

ඒ චරි­තය ගැනත් කෙටි­යෙන් කියමු?
මම එහි දුරංගි. ඒ චරි­තය හරිම පොෂ්, කිසි­දේ­කට බය නැති හරි කෙලින් කතා කරන කෙල්ලෙක්ගෙ චරි­ත­යක්.

දැන් දිග­ටම රඟ­පාන්නද කැමැත්ත?
අනි­වා­ර්ය­යෙන්ම. නර්ත­න­යට වගේම රංග­න­ය­ටත් හැකි­යාව තියෙ­නවා කියලා මට ඉස්සර ඉඳ­ලම හිතේ විශ්වා­සය තිබුණා. දක්ෂතා වැඩි දියුණු කර­ගෙන ඉස්ස­ර­හට යන­වට අසං­ගත් දැන් කැම­තියි. මම දැන් ඒ වෙනු­වෙන් මහන්සි වෙනවා.

ආද­ර­ණීය සැමියා ගැන කතා නොක­රම බැහැ. කොහො­මද ඒ හමු­වීම සිද්ධ වුණේ?
අසංග මට හමු­වෙන්න වෙඩින් එක­කදී. එදා තමයි මුලින්ම දැක්කේ. ඒ කතා­බහ කාල­යත් එක්ක අපි ආද­ර­ව­න්ත­යින් බවට පත්කළා. අවු­රුදු එක­හ­මා­රක් විතර ආද­රය කරලා අපි විවාහ වුණා. අපිට පුංචි දුවෙ­කුත් ඉන්නවා.

අසංක වගේ සැමි­යෙක් ලැබීම ගැන අද මොකද හිතෙන්නේ?
සසරේ පෙර පින­කට මට එයාව මුණ­ගැ­හුණෙ කිය­ලයි මම හැම­දාම හිතන්නේ. ඒ තරම් එයා මට ආද­රෙයි. එයාගෙ මුළු ජීවි­ත­යම මමයි දුවයි. එහෙම හොඳ තේරුම් ගැනී­මක් අව­බෝ­ධ­යක් නැතුව මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න අමා­රුයි. අසං­ගයි මමයි හොඳ අව­බෝ­ධ­යක් විශ්වා­ස­යක් ඇතුව ජීවත් වීම නිසයි අපේ ආද­රය අද­ටත් එදා වගේම වෙන­සක් නැතුව තියෙන්නේ. එයා කලා­වට‍, නර්ත­න­යට අති­ද­ක්ෂ­යෙක්. අසංග ද සිල්වා කිව්වම නොදන්න කෙනෙක් නැහැ. මම හැම­දාම එයා ගැන ආඩ­ම්බර වෙනවා. එයා හරිම ආද­ර­ණීය සැමි­යෙක් වගේම පියෙක්. මගෙත් චූටි දූගෙත් හිනාව රැඳිල තියෙන්නෙ එයා නිසයි. එයා ගැන කතා කරන්න මට දව­සම මදි වෙයි. ඒ තරම් ආද­ර­ණීය සැමි­යෙක් මට ඉන්නේ. මගෙ මුළු ජීවි­ත­යම එයා තමයි.

රංග­න­යට අසං­ග­ගෙන් ප්‍රති­චාර ලැබෙ­න­වද?
අසං­ගට ගොඩක් සතු­ටුයි. එයා නාට්‍යය බලල මගේ අඩු­පාඩු තිබු­ණොත් ඒවා කියලා දෙනවා. එයා දැන් හරිම කැම­තියි මම රංග­නය හදා­ර­මින් රඟ­පා­න­වට. එයා ඒ ගැනත් බල­නවා. කෙටි­යෙන් කිව්වොත් එයා තමයි මගෙ හැම­දේම මේන්ටේන් කරන්නේ.

පුංචි දුව ගැනත් කියමු…?
අපේ චූටි දූගෙ නම ජියානා කැට්ලින් ද සිල්වා. එයාට තාම අවු­රුදු 6යි. ඒ අපි දෙන්නගෙ පුංචි සුරං­ග­නාවි. අපේ ජීවිත එළිය වුණේ චූටි දූ අපි ළඟට ආවට පස්සේ. හරිම හුර­තල් වගේම එයාට ලස්සන හිතක් තියෙ­නවා.

අනා­ගත බලා­පො­රොත්තු මොන­වද?
රංග­න­යෙන් ඉදි­රි­ය­ටම යන්න තමා බලා­පො­රො­ත්තුව. ඒ අත­ර­තුර නර්තන කට­යු­තුත් කර­ගෙන යනවා.

World News

Send your contact Details Today