Latest News

ඉන්දියාවේ තැලිසීමියා රෝගී ළමුන් 6 දෙනෙකු ලබාගත් ප්‍රතිකාර නිසා නොසිතූ කරදරයක්

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සත්නාදිස්ත්‍රික්කයේ රජයේ රෝහල්වලින් රුධිරය ලබාගත් තැලිසීමියා රෝගී දරුවන් හය දෙනෙකුට ඒඩ්ස් හෙවත් HIV වෛරසය ආසාදනය වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම දරුවන් එම ජානමය රුධිර රෝගයෙන් පෙළෙන අතර, ඔවුන්ගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා නිතිපතා රුධිරය ලබා දිය යුතුයි.

මෙම දරුවන්ට රුධිර බැංකුතුනකින් (3) ලබාගත් රුධිර ඒකක189ක්ලබා දී තිබුණි.

මෙම රුධිර ඒකක ලබා ගැනීම සඳහා රුධිර දායකයින්150කට වැඩිපිරිසක් සම්බන්ධ වී ඇති අතර, ඉන් එක් අයෙකුගෙන් හෝ කිහිප දෙනෙකුගෙන් වෛරසය ව්‍යාප්ත වී ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඉන්දියාවේ රුධිර බැංකුවල තවමත් භාවිතා කරන්නේ”ELISA” නමැති පැරණි (තෙවන පරම්පරාවේ) පරීක්ෂණ ක්‍රමවේදයයි.

මෙහි ඇති ප්‍රධාන දුර්වලතාවය වන්නේ වෛරසය ශරීරගත වීදින 90ක් (Window period) යනතුරු එය හඳුනාගත නොහැකි වීමයි.

මේ නිසා ආසාදිත රුධිරය පවා පරීක්ෂණයේදී ආසාදිත නොවන ලෙස පෙන්විය හැකියි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා රුධිර බැංකු භාරකරුවෙකු සහ විද්‍යාගාර තාක්ෂණ ශිල්පීන්දෙදෙනෙකු (2) වැඩ තහනමට ලක් කර ඇති අතර, හිටපු සිවිල් ශල්‍ය වෛද්‍යවරයාගෙන් කරුණු විමසා තිබේ.

ඉන්දියාවේ සෑම වසරකම දරුවන්12,000ක්පමණ මෙවැනි තලසීමියා රෝගය සහිතව උපත ලබන අතර, ඔවුන්ට ජීවිත කාලය පුරාම නිතිපතා රුධිරය ලබා ගැනීමට සිදු වේ.

මෙම සිදුවීමත් සමග ඉන්දියාවේ රුධිර පරීක්ෂණ පද්ධතියේ පවතින දුර්වලතා සහ පරිපාලනමය බිඳවැටීම් පිළිබඳව දැඩි කතාබහක් ඇති වී තිබේ .

මීට මාස කිහිපයකට පෙර ජාර්කන්ඩ්ප්‍රාන්තයේදී ද මෙවැනිම සිදුවීමක් වාර්තා විය.

World News

Send your contact Details Today