Latest News

ලොව විශාලතම අයිස් හා හිම තේමා උද්‍යානය චීනයේ විවෘත කරයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව විශාලතම අයිස් හා හිම තේමා උද්‍යානය වන Harbin Ice-Snow World, චීනයේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි හාර්බින් හි දී යළි විවෘත කරයි.

මෙම උද්‍යානය ඝන මීටර 400,000කට ආසන්න අයිස් හා හිම ප්‍රමාණයක් යොදාගෙන ඉදිකර තිබෙන බවයි චීන වාර්තා පවසන්නේ.

එය වර්ග මීටර මිලියන 1.2ක ප්‍රදේශයක් පුරා විහිදී යන්නක්.

චීනයේ අයිස් නගරය ලෙස හැඳින්වෙන හාර්බින්, එහි අධික ශීත කාලගුණය සාර්ථක සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කර තිබේ.

පසුගිය ශීත සෘතුව තුළදී පමණක්, මෙම නගරය මිලියන 90කට අධික සංචාරකයින් පිරිසක් පැමිණිහා.

එයින් සංචාරක ආදායම ලෙස යුවාන් බිලියන 137.22ක් උපයා තිබේ.

එම ආදායම පෙර වසරට සාපේක්ෂව 16.6%ක වර්ධනයක් පෙන්නුම් කරන්නක්.

World News

Send your contact Details Today