මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.
එමෙන්ම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙයි.
මෙම අනතුරු ඇඟවීම් නිවේදන හෙට පෙ.ව 8 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
මේ අතර ගතවූ පැය 48 තුළ මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙම තත්ත්වය සමඟ උඩදුම්බර, දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවය.
නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර, එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කළ බවද වසන්ත සේනාධීර මහතා පැවසීය.