Latest News

මෙසීගේ ඉන්දීය සංචාරයේ ගාස්තු ගැන තොරතුරු එළියට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ඉන්දියාවේ සිදුකළ ප්‍රවර්ධන සංචාරය වෙනුවෙන් ඔහුට ගෙවන ලද මුදල පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම සංචාරය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කර ඇති බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙසීගේ මෙම සංචාරය සඳහා ඔහුට පිරිනමන ගාස්තුව ඉන්දීය රුපියල් කෝටි 100ත් 150ත් අතර (අමෙරිකානු ඩොලර් මිලියන 12 සිට 18 දක්වා) අගයක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

කෙසේ වෙතත්, මෙසීගේ පාර්ශවය හෝ මෙම සංචාරය සංවිධානය කළ ආයතනය මේ දක්වා නිශ්චිත සංඛ්‍යාලේඛන හෙළිදරව් කර නොමැත.

මෙම සංචාරය තුළ මෙසී සමඟ ඡායාරූපයක් ගැනීමට සහ ඔහු සමඟ කෙටි කතාබහක නිරත වීමට අවස්ථාව ලබාදෙන “Meet-and-greet” සැසි සඳහා ද අධික මුදලක් අය කර තිබේ.

සාමාන්‍ය රසිකයෙකුට රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් (ඉන්දීය රුපියල් මිලියනයක්) වැය කිරීමට සිදුව ඇති බව සඳහන්.

ආයතනික සහ ප්‍රභූ අමුත්තන් සඳහා සංවිධානය කරන ලද සංවෘත සැසි සඳහා මීට වඩා බෙහෙවින් වැඩි මුදලක් අය කර ඇති බව වාර්තා වෙයි.

මෙම සංචාරය තරගකාරී පාපන්දු තරගාවලියක් සඳහා නොව, ප්‍රධාන වශයෙන් ප්‍රවර්ධන කටයුතු (Promotional Tour) වෙනුවෙන් සංවිධානය කරන ලද්දක්.

World News

Send your contact Details Today