ඉන්දියාවේ දිල්ලි – අග්‍රා අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබේ.
බස් රථ සහ මෝටර් රථ 10ක් පමණ එකිනෙක ගැටීමෙන් පසු ඇතිවූ ගින්නකින් එම පුද්ගලයින් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පැවති ගණ මීදුම් තත්ත්වය හේතුවෙන් දුර්වල දෘෂ්‍යතාව එම අනතුරට හේතුවී ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.
එම අනතුරෙන් තවත් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන්.