ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය පිළිබද ජනතාවට දැනුවත් විය හැකි දත්ත පද්ධතියක් හදුන්වා දී තිබේ.
මෙම සති කිහිපයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා ඇති බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙන්නේ.
ශ්‍රී ලංකාවේ පාරවල්වල තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීය.
ආපදාවෙන් පසු මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවූ අතර එම තත්ත්වය හමුවේ මෙවැනි දත්ත පද්ධතියක අවශ්‍යතාව දැඩි ලෙස මතුවිය.
ඒ අනුව සම්පූර්ණයෙන්ම මහජන සහභාගීත්වය මත ගොඩනැගුණු දත්ත පද්ධතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙයි.
ඒ අනුව මාර්ගයක් සම්බන්ධයෙන් වන අනතුරක්, වසා තැබීමක් වැනි තොරතුරු මෙම https://road-lk.org වෙබ් අඩවියට ඇතුළත් කළ හැකියි.
සිංහල, දෙමළ ඉංග්‍රීසි ඕනෑම භාෂාවකින් ඡායාරූප සහිතව තොරතුරු ලබාදීමට හැකිවීම මෙහි විශේෂත්වයක්.
ජනතාව එම තොරතුරු ඇතුළත් කළ පසු මාර්ග සංවර්ධන අධිකාරිය එහි නිවැරදි බව තහවුරු කිරීම සිදු කරයි.
මෙම පද්ධතිය ක්‍රමයෙන් දියුණු කළ හැකි බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ.
සති කිහිපයක් පුරා මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පසු ස්ථිර ලෙස මෙම වැඩපිලිවෙල ආරම්භ කිරීමට නියමිතයි.