Latest News

“ජෝන් සීනා” අවසන් සටනට සැරසෙයි

Published 12 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෘත්තීය මල්ලවපොර ඉතිහාසයේ විශිෂ්ටතමයන් අතර සිටින “ජෝන් සීනා” සිය දශක දෙකක ක්‍රීඩා ජිවිතයේ අවසන් තරගයට අද (14) මුහුණදෙයි.

“ජෝන් සීනා” ගේ වසර 20ක විශිෂ්ට වෘත්තිය ජිවිතයේ කූඨාප්‍රාප්තිය සනිටුහන් කරමින් අද (14) තරගය පැවැත්වෙයි.

අවසන් තරගයට ඔහු සටන් වදින්නේ ගන්තර් සමඟින්.

ඔහුගේ වෘත්තිය රෙස්ලින් ක්‍රීඩාවේ වඩාත්ම සාර්ථක තරුවක් බවට පත්වෙමින් අමතක නොවන අවස්ථා සහ ශුරතා රැසක් හිමිකර ගෙන තිබේ.

ඔහුගේ අවසන් ප්‍රතිවාදියා තේරීම සඳහා ලාස්ට් ටයිම් ඊස් නව් නමින් තරගාවලියක් ද පැවැත්විණ.

මෙම තරගය ඔහුගේ බලය මත පදනම් වු ප්‍රහාරාත්මක තරගයක් සහ ගන්තර් ගේ නිවැරදි තාක්ෂණික හා දරුණු පහරදිමේ ක්‍රමය අතර වෙනස් වු ගැටුමක් වනු ඇති බවයි විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ.

සැටඩේ නයිට්ස් මේන් ඉවෙන්ට් තරගාවලිය නැරඹිම සඳහා ඇමෙරිකා ප්‍රේක්ෂකයින් දැඩි උනන්දුවකින් පසුවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයින්ට මෙම තරගය නැරඹිය හැකි වන්නේ ලබන 15 වන දින පෙරවරු 6.30ටයි.

World News

Send your contact Details Today