ශ්‍රී ලංකාවේ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 02ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර, ගඟ ඉහළ කෝරළේ, දොළුව, පන්විල, දෙල්තොට, උඩුදුම්බර, මිනිපේ සහ උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, කන්දෙකැටිය, බණ්ඩාරවෙල, සොරණතොට, හාලිඇල, මීගහකිවුල, ලුණුගල, වැලිමඩ, හල්දුම්මුල්ල, පස්සර, ඇල්ල සහ හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.
මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හාරිස්පත්තුව, උඩුනුවර, යටිනුවර, පූජාපිටිය, පස්බාගේ කෝරළේ, කුණ්ඩසාලේ, හතරලියැද්ද, පාතහේවාහැට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මීට ඇතුළත්.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රඹුක්කන, අරණායක, ගලිගමුව, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, අලව්ව, පොල්ගහවෙල සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙසේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මාතලේ, පල්ලේපොල, රත්තොට, යටවත්ත, අඹන්ගඟ කෝරළය, විල්ගමුව, උකුවෙල සහ නාඋල යන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය, කොත්මලේ නැගෙනහිර, මතුරට, නෝර්වුඩ්, හඟුරන්කෙත, නුවරඑළිය, කොත්මලේ බටහිර, වලපනේ, තලවාකැලේ සහ නිල්දණ්ඩාහින්න මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත, කොළොන්න සහ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද මීට ඇතුළත්.
මේ අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.
සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.