Latest News

FIFA සභාපතිට එරෙහිව පරීක්ෂණයක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

FIFA පාපන්දු කමිටුවේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පිළිබඳ FIFA පාපන්දු ආචාර ධර්ම කමිටුවෙන් පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් දේශපාලනික මධ්‍යස්ථභාවය පිළිබඳ පාලන ආයතනයේ නීති කඩ කර ඇතැයි චෝදනා එල්ල වීම හේතුවෙන්.

මානව හිමිකම් ව්‍යාපාර කණ්ඩායමක් වන ෆෙයාර්ස්කොයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් කියා සිටින්නේ ඉන්ෆැන්ටිනෝ විසින් නීතිරීති නිශ්චිත කඩකිරීම් හතරක් සිදු කර ඇති බවයි.

පසුගිය සතියේ වොෂිංටන් ඩීසී හිදී පැවති 2026 ලෝක කුසලාන තරග පිළිබඳ නිවේදනයේදී සභාපතිවරයා විසින් 79 හැවිරිදි ට්‍රම්ප් හට සමාරම්භක FIFA සාම ත්‍යාගය පිරිනමනු ලැබුවේය.

ෆෙයාර්ස්කොයා පෙන්වා දෙන්නේ බලයේ සිටින දේශපාලන නායකයෙකුට මෙවැනි ත්‍යාගයක් පිරිනැමීම FIFA හි මධ්‍යස්ථභාවය පිළිබඳ යුතුකම පැහැදිලිව කඩ කිරීමක් බවයි.

55 හැවිරිදි ඉන්ෆැන්ටිනෝ විසින් ට්‍රම්ප්ට සහය පළ කරමින් සමාජ මාධ්‍ය සටහන් සහ සම්මුඛ සාකච්ඡා ද පවත්වා තිබුණේය.

ත්‍යාගය පිරිනැමීමෙන් පසු ඉන්ෆැන්ටිනෝ ට්‍රම්ප් හට විශාල රන් කුසලානයක්, පදක්කමක් සහ සහතිකයක් ලබා දුනි.

‘මෙය නායකයෙකුගෙන් අප බලාපොරොත්තු වන දෙයකි’ සහ ‘ජනාධිපතිතුමනි, ඔබට සෑම විටම මගේ සහයෝගය බලාපොරොත්තු වෙන්න පුළුවන්’ යැයි කතාවකදී පවසා තිබේ.

නොවැම්බර් මාසයේදී මයාමි හි අමෙරිකානු ව්‍යාපාරික සංසදයකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉන්ෆැන්ටිනෝ කියාසිටියේ, ‘ඔහු අමෙරිකාවේ කරන දේට අප සියලු දෙනාම සහයෝගය දැක්විය යුතුයි’ ලෙසයි.

ජනවාරි මාසයේදී, ට්‍රම්ප්ගේ දිවුරුම් දීමට ඔහුට ආරාධනා කිරීමෙන් පසු ඉන්ස්ටර්ග්‍රෑම්හි පළ කරන ලද වීඩියෝවක් ට්‍රම්ප්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට සහයෝගය දැක්වීමක් පෙන්නුම් කරන බවට ද ෆෙයාර්ස්කොයා චෝදනා කළේය.

එහි වැඩසටහන් අධ්‍යක්ෂ නිකොලොස් මැක්ගීහන් සඳහන් කර ඇත්තේ මෙම පැමිණිල්ල මගින් ඉන්ෆැන්ටිනෝගේ දේශපාලන සහයෝගය වඩා පුළුල් බවත්, එය FIFA හි පාලන ව්‍යුහය තුළ නීති උල්ලංඝනය කිරීමට සහ ක්‍රීඩාවේ අවශ්‍යතාවලට පටහැනිව ක්‍රියා කිරීමට ඔහුට ඉඩ දී ඇති ආකාරය පිළිබඳව බවයි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය කෙනඩි සෙන්ටර් හිදී සිදුවූ අතර, ඊට සමගාමීව 2026 ලෝක කුසලාන තරග ඇඳීම ද සිදුවිය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලබන ජූනි 11 සිට ජූලි 19 දක්වා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවලදී පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today