Latest News

ජපානයේ ප්‍රදේශයකට ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ ඊසානදිග ප්‍රදේශයට අද (12) රික්ටර් මාපක 6.7ක ප්‍රබල භූමිකම්පාවක් බලපා තිබේ.

ඒ හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එම භූමිකම්පාව ජපාන වේලාවෙන් පෙ.ව. 11.44ට පමණ සිදුව තිබේ.

මීටර 1ක් (අඩි 3ක් පමණ) දක්වා උසකින් යුත් සුනාමි රළ ඇතිවීමේ අවදානමක් පවතින බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) අනතුරු අඟවා තිබෙන්නේ.

දින කිහිපයකට පෙර රික්ටර් මාපකයේ ඒකක 7.5ක ප්‍රබල භූමිකම්පාවක් එම කලාපයට බලපෑම් කළ අතර, එයින් දින කිහිපයකට පසු නැවතත් මෙම භූමිකම්පාව සිදුවීම විශේෂත්වයක්.

මෙවැනි ප්‍රබල පසු කම්පන තත්ත්වයක් නැවත ඇතිවිය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මීට පෙර අනතුරු අඟවා තිබුණි.

ප්‍රදේශවාසීන්ට වෙරළබඩ ප්‍රදේශවලින් ඈත්ව ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසයි බලධාරීන් උපදෙස් දී ඇත්තේ.

World News

Send your contact Details Today