වෛද්‍යවරුන්ට අනුව, ආක්‍රමණශීලී සහ සුව කළ නොහැකි බව සිතූ රුධිර පිළිකා සුව කිරීමට ජාන චිකිත්සක ප්‍රතිකාරයක් උපකාරී වී තිබේ.
ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සහ ග්‍රේට් ඕර්මන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍ය කණ්ඩායම, පාදක සංස්කරණය ලෙස හැඳින්වෙන ක්‍රමයක් මේ සඳහා භාවිත කළහ.
පාදක යනු මූලික රසායනික ඒකක වේ. පාදක හතරක් ඇත: ඇඩිනීන් (A), සයිටොසීන් (C), ගුවානීන් (G) සහ තයිමින් (T) ඒවා වේ. මෙම පාදක අපගේ ජාන කේතය සාදයි. අකුරුවලින් වචන සාදන ආකාරයට ම, මෙම පාදක අපගේ ශරීරය ක්‍රියා කරන ආකාරය සඳහා උපදෙස් නිර්මාණය කරයි.
පාදක සංස්කරණය මගින් විද්‍යාඥයින්ට ජාන කේතයේ එක් නිශ්චිත ස්ථානයක් ගෙන එක් පාදකයක් පමණක් වෙනස් කිරීමට ඉඩ සලසයි. එහිදී එක් වර්ගයක පාදකයක් තවත් පාදකයක් බවට පත් කළ හැකි ය. මෙය ශරීරයේ මූලික රසායනික ඒකක දෙන උපදෙස්වලින් කුඩා කොටසක් නැවත ලිවීමට ඉඩ සලසයි.
මෙම ප්‍රතිකාරය ක්‍රියාත්මක වන්නේ, සුදු රුධිරාණු තුළ ඇති DNA නිවැරදිව සංස්කරණය කර පිළිකාවට පහර දිය හැකි “ජීවමාන ඖෂධයක්” බවට පත් කිරීමෙනි.
2022 දී මෙම ප්‍රතිකාරය ලැබූ පළමු දැරිය මේ වන විට පිළිකාවෙන් නිදහස් වී සිටින අතර දැන් පිළිකා පිළිබඳ විද්‍යාඥයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටී.
එතැන් සිට, තවත් දරුවන් 8 දෙනෙකු සහ T-cell acute lymphoblastic leukaemia රෝගයෙන් පෙළෙන වැඩිහිටියන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, මේ වන විට ඔවුන්ගේ රෝගී තත්ත්වය 64%ක ප්‍රතිශතයකින් සුව වී ඇත.
T-සෛල සාමාන්‍යයෙන් ශරීරයේ ආරක්ෂකයින් ලෙස සලකයි. ඔවුන්ගේ කාර්යය වන්නේ අනතුර සොයාගෙන එය විනාශ කිරීම යි.
නමුත් මෙම වර්ගයේ ලියුකේමියාවේදී, T-සෛල පාලනයකින් තොරව වර්ධනය වීම සිදුවේ.
එම රෝගය සඳහා කීමෝතෙරපි සහ ඇටමිදුළු බද්ධ කිරීම් සාර්ථක වූයේ නැත.
අත්හදා බැලීමේ රෝගීන් සඳහා, පර්යේෂණාත්මක ප්‍රතිකාර හැර ඉතිරිව ඇති එක ම තේරීම ජීවිතයේ අවසානයට ආසන්නව සිටින ඔවුන් සුවපහසු ලෙස තබා ගැනීම යි.