Latest News

2026 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මූලික ලංසුව ලැබුණු ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයා මෙන්න

Published 6 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 16 වැනිදා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත බව BCCI නිවේදනය කර ඇත.

මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය මෙන්ම ලොව පුරා ක්‍රීඩකයින් 1,390ක් ලියාපදිංචි වී තිබුණත් ඉන් ක්‍රීඩකයින් 350ක් පමණක් මෙවර වෙන්දේසියට ඉදිරිපත් කිරීමට IPL තරග සංවිධායකයින් විසින් තීරණය කර තිබේ.

ඊට ඉන්දීය ක්‍රීඩකයින් 240ක් සහ විදෙස් ක්‍රීඩකයින් 110ක් ඇතුළත්ය.

IPL කණ්ඩායම් දහයේ හිමිකරුවන් විසින් ක්‍රීඩකයින් 77 දෙනෙකු පමණක් තෝරා ගැනීමට නියමිතය.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 12කි.

එහිදී වැඩිම මුලික ලංසුව වන ඉන්දීය රුපියල් කෝටි 2 යටතේ මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අමතරව කුසල් ජනිත් පෙරේරා සහ චරිත් අසලංක වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටියක මුලික ලංසුවක් තබා ඇති අතර පැතුම් නිස්සංක, දසුන් ශානක,කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, බිනුර ප්‍රනාන්දු සහ විජයකාන්ත් වියාස්කාන්ත් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුලික ලංසුවක් තබා තිබේ.

World News

Send your contact Details Today