Latest News

ශ්‍රී ලංකාවේ ආපදා මරණ තවත් ඉහළට

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 234ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 90ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක් වාර්තා වේ.

එමෙන්ම තවත් පුද්ගලයින් 192ක් අතුරුදහන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර පවුල් 512,123කට අයත් පුද්ගලයින් 1,766,103ක් අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.

ඊට අමතරව පවුල් 22,218ක පුද්ගලයින් 69,861ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

World News

Send your contact Details Today