සබරගමුව, දකුණු පළාත්වල සහ කොළඹ, කළුතර දිස්ත්‍රික්කවල අද දින ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි, දිස්ත්‍රික්ක 07 කට රතු අනතුරු ඇඟවීම් සහ දිස්ත්‍රික්ක 05 කට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මෙම දිස්ත්‍රික්කවල ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
