Latest News

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක විශාල ගින්නක් – 23 දෙනෙකු ජිවිතක්ෂයට

Published 7 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ උතුරු ගෝවාහි රෝමියෝ ලේන් ප්‍රදේශයේ ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක අද (07) අලුයම් කාලයේ ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්නෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බවයි ම වනවිට තොරතුරු වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්න හේතුවෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

ඔවුන් මේ වනවිට ගෝවා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මූලික වාර්තාවලින් පෙනී යන්නේ මියගිය අය අතර සංචාරකයින් හතර දෙනෙකු සහ සමාජ ශාලාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 19 දෙනෙකු සිටින බවයි.

ගෝවා පොලිසිය මෙම සිදුවීම අද (07) අලුයම 1:00 ට පමණ සිදුවී ඇති බව තහවුරු කර ඇති අතර, මුළුතැන්ගෙයි ප්‍රදේශයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ගින්න සිදුව ඇති බවයි ඔවුන් පවසන්නේ.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

World News

Send your contact Details Today