Latest News

පාකිස්තාන පිතිකරු ෆකාර් සමාන්ට ICC වෙතින් දඬුවමක්

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන පිතිකරු ෆකාර් සමාන්ට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් නියම කර තිබේ.

ඒ පසුගිය නොවැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුරදී ICC චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්.

ඒ අනුව, ජාත්‍යන්තර තරගයකදී විනිසුරුවරයෙකුගේ තීරණයකට අකමැත්ත ප්‍රකාශ කිරීම (showing dissent at an umpire’s decision) සම්බන්ධයෙන් වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති බවටයි තීරණය වී ඇත්තේ.

මෙම සිදුවීම වාර්තා වන්නේ පාකිස්ථාන ඉනිමේ 19 වන ඕවරයේදීයි.

සමාන් සිය කඩුල්ල අහිමි වීම පිළිබඳව ගත් තීරණය සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවන් සමග දීර්ඝ ලෙස තර්ක කර තිබේ.

මෙමෙ සිදුවීම සමාන්ගේ විනය වාර්තාවට එක් අඩුපාඩුවක් එකතු කර ඇති අතර, මෙය ඔහුට මාස 24ක කාලයක් තුළ සිදුවූ පළමු වරද වෙයි.

ඔහු විසින් මෙම වරද පිළිගෙන ඇති අතර, එමිරේට්ස් ICC ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලයේ රියෝන් කිං (Reon King) යෝජනා කරන ලද සම්බාධකය පිළිගෙන තිබීම හේතුවෙන් විධිමත් විභාගයක් පැවැත්වීමට අවශ්‍ය වී නැහැ.

පිටියේ විනිසුරුවන් වන අහ්සාන් රාසා, අසිෆ් යාකූබ්, තෙවන විනිසුරු රෂීඩ් රියාස් සහ සිව්වන විනිසුරු ෆයිසාල් අෆ්රිඩි මෙම චෝදනාව එල්ල කර තිබුණේය.

ICC චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සඳහා අවම වශයෙන් නිල තරවටුවක් (official reprimand) සහ උපරිම වශයෙන් තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් නියම කළ හැකියි.

World News

Send your contact Details Today