ඊජිප්තුවේ සෙනායි නගරයේ සිදු වු අනතුරකින් විශ්වවිද්‍යාල සිසුවියන් 13දෙනෙකු බේරාගැනීමට තරුණයකු සමත් වී ඇති බව වාර්තා වේ.
සිසුවියන් 13 දෙනෙකු ගමන් ගත් කුඩා ප්‍රමාණයේ බස් රථයේ රෝදයක් පුපුරා යාමෙන් හදිසියේ ගඟකට පෙරළී ඇත.
ඊජිප්තුවේ මෙනූෆියා හි මෙනියෙල් ඩොවයිබ් ගම්මානයේ 22 හැවිරිදි හසන් අහමඩ් එල් ගසාර්සිසුවියන් බේරාගැනීමට කටයුතු කළද, අධික ලෙස වෙහෙසට පත් වීම හේතුවෙන් දියේ ගිළි ජීවිතක්ෂයට පත් වී ඇත.
“මගේ පුතා වීරයෙකු ලෙස මිය ගියේය, මම ඔහු ගැන ආඩම්බර වෙමි,” ශෝකයට පත් පියා ප්‍රාදේශීය මාධ්‍යයට පැවසීය.
ඊජිප්තු සමාජ සහයෝගීතා අමාත්‍යාංශය වන්දි වශයෙන් ඊජිප්තු පවුම් 100,000 ක් ලබාදී ඇති අතර, ඔහුගේ දියණියන්ගේ අධ්‍යාපන වියදම් පියවා ගැනීමට පවුලට මූල්‍ය ආධාර ලබා දෙන බවට පොරොන්දු විය.