Latest News

මෙවර නොබෙල් භෝජන සංග්‍රහයේදී වාර්තාවක්

Published 2 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව නොබෙල් ත්‍යාගලාභීන් සැමරීම සඳහා වන නොබෙල් ත්‍යාග භෝජන සංග්‍රහය ලබන දෙසැම්බර් 10 වන දින පැවැත්වීමට නියමිතයි.

මේ වසරේදී ඒ සඳහා අමුත්තන් 1,300ක් සහභාගී වීමට නියමිත බවට වාර්තා වේ.

මෙම ආහාර වේලට සුඛෝපභෝගී ආහාරයක් ලෙස සැළකෙන පෝර්සිනි බිම්මල් ඇතුළත්.

මෙම වසරේ භෝජන සංග්‍රහයේ ආරම්භක ආහාරය (starter) සහ ප්‍රධාන ආහාරය (main dish) පිළියෙළ කිරීමේ වගකීම සූපවේදීන් වන පි -ලේ සහ ටොමී මිලීමාකි දෙදෙනා වෙත පැවරී තිබේ.

ආරම්භක සහ ප්‍රධාන ආහාරය සඳහා සූපවේදීන් යුගලයක් වගකීම දැරූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

අතුරුපස (Dessert) මෙම වසරේදී ඉදිරිපත් කරනු ලබන්නේ, පසුගිය වසරේ භෝජන සංග්‍රහයේ අතුරුපස සඳහා වගකීම පැවරුණු පේස්ට්‍රි සූපවේදිනී ෆ්‍රීඩා බේකේ විසින්.

මෙම සූපවේදීන්ගේ භෝජන සංග්‍රහයේ මෙනුව ස්වීඩන් ස්වභාවයෙන් ආභාෂය ලබා ඇති අතර ස්වීඩන් අමුද්‍රව්‍ය ඒ සඳහා යොදාගැනෙයි.

කෙසේ වෙතත්, සම්පූර්ණ මෙනුව දෙසැම්බර් 10 වන දින වන තෙක් අනාවරණය නොකරන බවයි දැනුම් දී ඇත්තේ.

World News

Send your contact Details Today