එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සාජා නුවරින් දුර්ලභ කුහුඹු විශේෂයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම කුහුඹු විශේෂය “කෙයාර්බරා සාජාඑන්සිස්“ නොහොත් “සාජා කුහුඹුවා“ ලෙස නම් කර ඇත.
අද්විතීය හිසේහි හැඩය සහ ඒකාකාර කහ පැහැයෙන් යුත්ත වීම කුහුඹුවන්ගේ විශේෂත්වය වන බව අල්-ඩයිද් වනජීවී මධ්‍යස්ථානයේ මහාචාර්ය මුස්තාෆා ෂරාෆ් ප්‍රකාශ කළේ ය.
මේ දක්වා, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ එක් නිදර්ශකයක් පමණක් වන බවත්, එම විශේෂය ගැඹුරු භූගතව ජීවත් වන බවත්, කලාතුරකින් මතුපිටට පැමිණෙන බව මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මෙම සොයා ගැනීම එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යයනිල වශයෙන් ලේඛනගත කරන ලද පළමු “කෙයාර්බරා“ විශේෂය වන අතර අරාබි අර්ධද්වීපයේ වාර්තා වූ තුන්වන විශේෂය වේ.