2026 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2.4 දක්වා අඩුවනු ඇති බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පුරෝකථනය කරයි.
එසේම, මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2. 5 ක් වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පසුගිය වසරේ ලෝක ආර්ථික වර්ධනය පැවතියේ 2. 9 ක් ලෙසයි.
කෙසේ වෙතත් ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කළේ මෙම වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධන සියයට 1. 8 දක්වාත්, ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7. 4 දක්වාත් ඉහළ යනු ඇති බවයි.
මේ අතර චීනයේ ආර්ථික වර්ධනය සියයට 4. 8 දක්වා අගයක් ගනු ඇති බව ද ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙයි.