Latest News

අමුතු හැඩයක් ඇති ආභරණයකට ලන්ඩනයේ වෙන්දේසියකදී ඩොලර් මිලියන 30ක වටිනාකමක් (PHOTOS)

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසි­යාවේ සාර් රජ පවු­ලට අයත් බිත්තර හැඩැති පළිඟු ආභ­ර­ණ­යක් ලන්ඩන් නුවර වෙන්දේ­සි­ය­කදී ඩොලර් මිලි­යන 30.2ක වාර්තා­ගත මුද­ල­කට අලෙවි වූ බව BBC පුවත් සේවය වාර්තා කළේය.

ලොව වඩාත්ම විශිෂ්ට නිර්මා­ණ­යක් ලෙස සැල­කෙන බිත්තර හැඩැති එම පළිඟු ආභ­රණ 19 වැනි සිය­වසේ අග­භා­ගයේ සිට 20 වැනි සිය­වසේ මුල් භාගය දක්වා රුසි­යානු ජාතික පීටර් කාර්ල් ෆැබර්ජේ නමැති රන්කරු විසින් සාර් රජ පවුල වෙනු­වෙන් නිර්මා­ණය කර ඇති අතර, එය ‘ෆැබර්ජේ බිත්ත­රය’ නමින් හඳු­න්වන බව ද වාර්තා වේ.

ලන්ඩන් නුව­රදී වාර්තා­ගත මුද­ල­කට වෙන්දේසි වූයේ 1913 දී දෙවැනි නික­ලස් සාර් රජු විසින් සිය මෑණි­යන්ට තිළිණ කළ දිය­මන්ති 4,500ක් එබ්බ වූ අඟල් 32ක් උසැති ෆැබර්ජේ බිත්තර පළිඟු ආභ­ර­ණය බව ද BBC පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

වසර 1917 දී රුසි­යානු විප්ල­වය දක්වා ෆැබර්ජේ රන්කරු විසින් සාර් රජ පවුල වෙනු­වෙන් මැණික් සහ දිය­මන්ති එබ්බ වූ එවැනි බිත්තර හැඩැති පළිගු ආභරණ 69ක් නිර්මා­ණය කර ඇති අතර, ඉන් වැඩි ප්‍රමා­ණ­යක් රුසි­යාවේ සාන්ත පීට­ර්බර්ග් කෞතු­කා­ගා­රයේ තැන්පත් කර ඇතැයි වාර්තා වේ.

World News

Send your contact Details Today