Latest News

රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­දය හේතු­වෙන් චීන – ජපාන ගුවන්ගමන්වලට කණ කොකා හඬන ලකුණු

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපා­නය සමඟ උද්ගත වී ඇති රාජ්‍ය­තා­න්ත්‍රික අර්බු­දය හේතු­වෙන් චීනයේ සිට ජපා­නය දක්වා සිදු කිරී­මට නිය­මිත ගුවන් ගම­න්ව­ලින් 40%කට වැඩි ප්‍රමාණයක් අව­ලංගු කර ඇතැයි චීනයේ සීජී­ටී­එන් මාධ්‍ය වාර්තා­වක් උපුටා දක්ව­මින් බ්ලූම්බර්ග් පුවත් සේවය සඳ­හන් කළේය.

එම අව­ලංගු කිරීමේ සංඛ්‍යාව මේ වන විට ගුවන් ගමන් 1,900 ඉක්මවා ගොස් ඇති බවත්, සංචා­රක ව්‍යාපා­රය මත දැඩි ලෙස රඳා පව­තින ජපා­නයේ ඔසාකා සහ සපෝරෝ වැනි නග­ර­ව­ලට එය දැඩි බල­පෑ­මක් වනු ඇති බවත් බ්ලූම්බර්ග් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම ගුවන් ගමන් කප්පා­දුව ලබන වසරේ මාර්තු මාසය දක්වා සිදු­වනු ඇතැයි ද අනා­වැකි පළ වී ඇති අතර, ගුවන් ප්‍රවේ­ශ­පත්‍ර වෙන් කරවා ගත් චීන ජාතිකයන්ට චීන ගුවන් සේවා මඟින් නැවත මුදල් ලබා­දීම කිසිදු දඩ මුද­ලක් අය කිරී­ම­කින් තොරව සිදු­වන බව ද වාර්තා වේ.

දෙරට අතර ගුවන් ගමන් බිඳ වැටී­මෙන් ජපා­න­යට මෙන්ම චිනයේ ගුවන් සමා­ග­ම්ව­ලට ද බල­පෑම් එල්ල වනු ඇතැයි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. ස්වාධීන විශ්ලේ­ෂ­ක­යකු වන ලී හැන්මින්ගේ පර්යේ­ෂණ දත්ත උපුටා දක්ව­මින් එම පුවත් සේවය සඳ­හන් කර ඇත්තේ අහිමි වූ ප්‍රවේ­ශ­පත්‍ර ආදා­යම යුවාන් බිලි­යන ගණ­නක් විය හැකි බවය.

World News

Send your contact Details Today