මෙම වසර අවසාන පොහෝ දිනය වන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට (04) යෙදී තිබේ.
උඳුවප් පොහොය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයක්.
සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ දින 7 ක මහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහෝ දිනකයි.
දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමන්ගෙන් කළ ඉල්ලීමට අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමගින් සංඝමිත්තා රහත් තෙරණියගේ වැඩමකරවීම සිදුවිය.
මෙරට භික්ෂුණී ශාසනයේ පිහිටුවීම ද උඳුවප් පොහෝ දිනයක සිදුවූ බවයි සඳහන් වන්නේ.
ඒ අනුලා දේවීය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙකු ශාසනයේ පැවිද්ද ලබා ගැනීමත් සමඟයි.
බුදුරජාණන් වහන්සේ පා පහස ලත් උතුම් සිරිපා වන්දනාව ද ආරම්භ වන්නේ අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙදී වීම විශේෂත්වයක්.
අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයට සමගාමීව දිවයින පුරා සියලු වෙහෙර විහාරස්ථානවල ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වතාවත් සිදුකරනු ලබයි.