Latest News

ILT 20 ක්‍රිකට් තර­ගා­ව­ලි­ය සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 08ක් පිටියට

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යේදී ඊයේ ආරම්භ වූ සිවු­වැනි ජාත්‍ය­න්තර ලීග් විස්සයි20 (ILT 20) ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයෝ 8ක් එක්ව සිටිති.

ඔවුහු මේ තර­ගා­ව­ලි­යට එක්වන කණ්ඩා­යම් 6න් 5කට ඇතු­ළත්ව සිටිති.

එහිදී වත්මන් ශූර­යන් වන ඩුබායි කැපි­ටල්ස් පිලට ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක සමඟ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර එක්ව සිටින අතර, ශානක කණ්ඩා­යමේ නාය­කයා ලෙස කට­යුතු කරයි.

ආර­ම්භක පිති­කරු පැතුම් නිශ්ශංක සහ වේග පන්දු යවන නුවන් තුෂාර ගල්ෆ් ජයන්ට්ස් පිලට එක්ව ඇති අතර, දඟ පන්දු යවන තුන් ඉරි­යව් ක්‍රීඩක වනිඳු හසරංග ඩෙසර්ට් වයි­පර්ස් පිල නියෝ­ජ­නය කරද්දී දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ සාජා වොරි­යර්ස් පිල සමඟ එක්ව සිටියි.

තුන් ඉරි­යව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පසු­ගි­යදා මුම්බායි ඉන්දි­යන් එමි­රේට්ස් පිල සමඟ ගිවි­සුම් අත්සන් කළේය.

තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් දසුන් සහ දුෂ්මන්ත ක්‍රීඩා කරන වත්මන් ශූර­යන් වන ඩුබායි කැපි­ටල්ස් පිල සමඟ වනිඳු හස­රංග ක්‍රීඩා කරන ඩෙසර්ට් වයි­පර්ස් පිල අතර තර­ගය ඊයේ රාත්‍රියේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි.

අද සාජා වොරි­යර්ස් සහ අබු­ඩාබි නයිට් රයි­ඩර්ස් පිල අතර තරග පැවැත්වේ.

මේ තර­ගා­ව­ලියේ මූලික වටයේ තරග මේ මස 28 වැනිදා නිමා වෙයි. අව­සන් වටයේ තරග මේ මස 30 සිට ලබන මස 2 වැනිදා පැවැ­ත්වෙන අතර, අව­සන් මහ තර­ගය ලබන මස 4 වැනිදා පැවැත්වේ.

World News

Send your contact Details Today