Latest News

පේරු හි, ඇමසන් කලාපයේත් නාය යෑමක්

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පේරු හි ඇමසන් වැසි වනාන්තර කලාපයේ ගංගා වරායක නවතා තිබූ බෝට්ටු දෙකක් ආශ්‍රිතව නාය යෑමක් සිදු වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 50 දෙනෙකු පමණ අතුරුදහන් බව විදෙස් වාර්තා පවසයි.

පේරු හි මධ්‍යම උකයාලි කලාපයේ ඉපාරියා හිදී, මගීන් බැස යාමට සූදානම්ව සිටියදී මෙම අනතුර සිදුවී තිබුණේය.

නාය යෑම හේතුවෙන් තොටුපළක් ගිලී ගොස් ඇති අතර මගීන් දුසිම් ගණනක් සිටි තවත් මගී නෞකාවකට බරපතල ලෙස හානි සිදුවී තිබේ.

ප්‍රවෘත්ති ඒජන්සියක් වාර්තා කළේ බෝට්ටු දෙකෙන් එකක පමණක් 50 දෙනෙකු පමණ සිටි බවයි.

නාය යෑමට හේතුව වී ඇත්තේ ඇමසන් හි මූලාශ්‍රය වන උකයාලි ගංගාවේ ඉවුරේ ඛාදනය බව පේරු ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පවසා තිබුණේය.

තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති අතර පොලිසිය සහ පේරු නාවික හමුදාව වැඩිදුර දිවි ගලවා ගත් අය සොයමින් සිටියි.

අතුරුදහන් වූවන් අතර ළමයින් සිටින බවට බියක් පවතින අතර, මගීන් අතර ළමයින්, ගුරුවරුන් සහ වෛද්‍යවරුන් ද සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, වේගයෙන් ගලා යන ගංගා ජලය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ තිබේ.

තවමත් සොයා ගැනීමට අවශ්‍ය පුද්ගලයන් කී දෙනෙකුද යන්න නිශ්චිතව තීරණය කිරීම සඳහා බලධාරීන් ආපදා ස්ථානයේ රැස්ව සිටින පවුල් සමඟ කටයුතු කරමින් සිටියි.

World News

Send your contact Details Today