Latest News

අද සවස වන විට ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 465ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (02) සවස 6ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්.

පවුල් 437,507කට අයත් පුද්ගලයින් 1,558,919ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 118ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 89ක්,කුරුණෑගලින් මරණ 53ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා විය.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව සිටියි.

World News

Send your contact Details Today