Latest News

අලවතුගොඩ, සරසවිගම නාය යෑමෙන් පුද්ගල මළ සිරුරු 24ක් මතුවෙයි – තවත් ස්ථාන කිහිපයක සිදු වූ නාය යෑමේ තොරතුරු මෙන්න

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහනුවර, අලවතුගොඩ පොලිස් වසමේ රඹුකේවෙල සහ පේරාදෙණිය පොලිස් වසමේ සරසවිගම නාය යාම්වලින් මියගිය 24 දෙනකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

අතුරුදන් වූ බවට සැක කෙරෙන තවත් 45 දෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වී අති නාය යෑමෙන් පවුල් 15කට අයත් පුද්ගලයින් 43 දෙනකු අතුරුදන්ව සිටි අතර අද (30) පෙරවරුව වනවිට මළ සිරුරු 10 ක් සොයා ගත් බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙම ප්‍රදේශය නාය යෑමේ දැඩි අවදාවම් සහිත ප්‍රදේශයක් බවත් වරින් වර ඉවත් වීමේ නිවේදන නිකුත් කර ඇති බවත් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පස් කන්දට යටවූ පිරිස් අතර එකම පවුලේ 15 දෙනෙකු පමණ සිටින බව වාර්තාවේ.

ඇතැම් පිරිස් තමා පදිංචි නිවස අවදානම් සහිත වීම හේතුවෙන් නායට හසුවූ ඥාති නිවෙස්වලට පැමිණි අවස්ථාවේ මෙම අපදාවට ලක්ව ඇති බවත් ප්‍රදේශවාසිහු පවසයි.

මෙම ආපදාවට ලක් වූ ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ගිය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් සඳහන් කළේ අනපේක්ෂිත අයුරින් මෙම ආපදාව සිදුව ඇති බවත් මේ නිසා පස් කඳුවලට පුද්ගලයින් 43 දෙනකු යටව ඇති බවත්ය.

ඔවුන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රීවරයා පැවසිය.

සරසවිගම නිවාස 10 ක් පමණ නාය ගොස් තිබෙන අතර මළ සිරරු 14 ක් සොයා ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.

මේ අතර මාතලේ, ඇල්ලේපොල ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් පුද්ගලයින් 6 දෙනෙකු අතුරුදන්ව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ බව සඳහන් කළේය.

World News

Send your contact Details Today