Latest News

ආපදා තත්ත්වය නිසා වසා දමා තිබූ ජාතික උද්‍යාන කිහිපයක් යළි විවෘත කරයි

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පවතින කාලගුණික තත්වය යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ජාතික උද්‍යාන යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

විල්පත්තුව, කුමන, හෝර්ටන් තැන්න, මින්නේරිය, කවුඩුල්ල හා යාල (අංක viක් හැර) ජාතික උද්‍යාන පසුගිය නොවැම්බර් 28 වන දින සිට දිවා සංචාරකයන් සදහා හා ඒවායේ වූ සංචාරක නිවාස වසා දමනු ලැබුවේය.

මේ වන විට ඇතැම් ජාතික උද්‍යානවල ජල ගැලුම් තත්ත්ව පහව ගොස් හා මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් දෙසැම්බර් 01 (හෙට) දින සිට කුමන, හෝර්ටන් තැන්න හා යාල ජාතික උද්‍යානයේ අංක V කොටස දිවා සංචාරකයන් සඳහා විවෘත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව වනජීවී අධ්‍යක්ෂ (රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ) මංජුල අමරරත්න මහතා සඳහන් කරන ලදී.

පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් සිදු වූ ගස් කඩා වැටීම් නිසා ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීමටත්, නැවත සත්වෝද්‍යාන පිළිසකර කිරීම සදහාත් දින කිහිපයකට වසා තබන ලද දෙහිවල ජාතික සත්වෝද්‍යානය හා පින්නවල සත්වෝද්‍යානයන් හි එම කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බැවින් හා පැවති අනතුරුදායක තත්වයන් පහව ගොස් ඇති බැවින්, දෙහිවල ජාතික සත්වෝද්‍යානය හා පින්නවල සත්වෝද්‍යානය නැවත හෙට (01) දින සිට මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම සිදු තීරණය කර ඇත.

ඒ අනුව නැවතත් සුපුරුදු පරිදි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතු දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යන සියලුම ආයතන වෙත පැමිණ නැරඹීමට ජනතාව වෙත අවස්ථාව හිමි වන බව ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා විසින් දන්වා තිබේ.

එමෙන් ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනසංරක්ෂක ජනරාල් එම්.පී.එස්. පාලමකුඹුර මහතා සඳහන් කළ පරිදි නකල්ස් රක්ෂිත ප්‍රදේශය හැර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අනෙකුත් සියලු උද්‍යාන මේ වන විට සංචාරකයන් සඳහා විවෘත කිරීමට ද පියවර ගෙන ඇත.

World News

Send your contact Details Today