ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදුකරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය මෙවර සිදු නොකිරීමට තීරණය කර තිබේ.
සංස්ථාවේ සභාපති, ජනක රාජකරුණා මහතා පවසා සිටියේ, ඒ අනුව දෙසැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවයි.