Latest News

ශ්‍රී ලංකාවේ සියළු විභාග දින නියමයක් නොමැතිව කල් දැමේ

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබු උසස්පෙළ ඇතුළු සියළු විභාග දින නියමයක් නොමැතිව කල් දැමු බව විභාග කොමසාරිස් ජෙනරාල්වරිය දැනුම්දෙනවා.

පවතින ආපදා තත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, අදාළ විභාග නැවත පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවත් විභාග කොමසාරිස්වරිය සඳහන් කරයි.

විදුලිය බිඳවැට්ම් සහ සන්නිවේදන දුර්වලතා හේතුවෙන් මේ සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ දැනුම්දීම නිසි පරිදි සන්නිවේදනය නොවී ඇති බවයි විභාග කොමසාරිස්වරිය පවසන්නේ.

විභාගය සම්බන්ධයෙන් විමසීම සඳහා ලබා දී ඇති දුරකතන අංක 1911 වෙත විභාග පිළිබඳ විමසීම් අති විශාල ප්‍රමාණයක් ලැබෙන බව ඇය සඳහන් කළේය.

ඒ අනුව දින නියමයකින් තොරව උසස් පෙළ විභාගය කල් දමා ඇති බව බව ඇය යළිත් අවධාරණය කරයි.

World News

Send your contact Details Today