Latest News

මාවිල්ආරු ජලාශයේ බැම්ම ස්ථාන 13කින් බිඳී යයි – හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යන්න

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

​මාවිල්ආරු ජලාශයේ බැම්ම ස්ථාන 13කින් බිඳී ගොස් තිබෙන බව අපදා කළමනකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ හේතුවෙන් ඒ අවට පිරිස් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසයි එම මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ.

මේ අතර අඹතලේ බැම්ම පිටාර ගැලීමෙන් ගංවතුර අවදානමක් පවතින බව කොළඹ දිසා ලේකම්වරයා සඳහන් කරයි.

ඒ හේතුවෙන් කඩුවෙල සිට මාලබේ දක්වාත්, අතුරුගිරියේ සිට මාලබේ දක්වාත්, මාලබේ සිට බත්තරමුල්ල දක්වාත් පහත් බිම්වල වෙසෙන ජනතාව වහාම මාලඹේ පිරිමි පාසල සහ පිට්ටුගල යශෝධරා පාසල වෙත ඉවත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

World News

Send your contact Details Today