වැලිමඩ රේන්දපොළ ප්‍රදේශයේ ඊයේ (29) රාත්‍රී 12:00 ට පමණ නාය යාමක් වාර්තා වූ අතර, ඒ සඳහා වහාම හමුදාව විසින් මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
දියතලාවෙන් පිටත් වූ 20 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායම, මාර්ග අවහිරතා හේතුවෙන් කිලෝමීටර් 8 ක් පමණ පා ගමනින් ගොස්, මීට සුළු මොහොතකට පෙර ජීවිත බේරා ගත් බවයි සඳහන් වන්නේ.
ඒ අනුව,
👉 විදෙස් සංචාරකයින් 03 ක් ( මෙක්සිකානු සංචාරකයෙක් සහ ආර්ජන්ටීනියානු සංචාරකයන් දෙදෙනකු)
👉 ප්‍රදේශවාසින් 09 ක් ( කුඩා දරුවෙකු ඇතුලු පිරිසක්)
ඇතුලු දොලොස් (12) දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමට හමුදා භට පිරිස් සමත් වී තිබුණි.
ගම්වාසීන්ගේ වාර්තා අනුව, තවත් නිවාස 05ක් පමණ හා එහි සිටි 10 දෙනෙකු ආසන්න පිරිසක් එම පස් කන්දකට යටවී ඇති බවට සැක පළ කරයි.
තවදුරටත් ඔවුන් මුදවා ගැනිමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඒ අනුව, මේ වන විටත් තවත් 30 දෙනෙකුගෙන් යුත් හමුදා කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර යවමින් තිබේ.