Latest News

බණ්ඩාරනායක ගුවන්තොටුපොළට එන මඟීන්ට දැනුම්දීමක්

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තවදුරටත් භාවිතා කරන ලෙස උපදෙස් දී තිබේ.

ඒ රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලවීම හේතුවෙන්.

මීට අමතරව මෙම කාලය තුළ ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ තදබදය අවම කරගැනීම සඳහා, අමුත්තන් පර්යන්තයට රැගෙන නොඑන ලෙස ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම මගීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට සඳහා පැමිණෙන ගුවන් මගීන්ගේ සහයෝගය සහ අවබෝධය අගය කරන බවද ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගම පවසයි.

World News

Send your contact Details Today