කැලණි ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළ යාම හේතුවෙන් ස්ථාන කිහිපයක වෙසෙන පහත්බිම්වල ජනතාවට ඉන් ඉවත් වන ලෙස නිවේදනය කර තිබේ.
කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා විසිනුයි මෙම දැනුම්දීම කර ඇත්තේ.
ඒ අනුව, කඩුවෙල – මාලබේ, අතුරුගිරිය – මාලබේ සහ මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගයන්හි පහත්බිම්වල ජනතාවට ජනතාවට ඉන් ඉවත්වන ලෙස දන්වා සිටියි.
අදාළ ජනතාවට නවාතැන් ගැනීමට මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලයට හා පිට්ටුගල යශෝදරා මහා විද්‍යාලය සූදානම් කොට තිබේ.