දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාවන්ට ගොදුරුවීමෙන් මියගිය ගණන 153දක්වා ඉහළ ගොස් තිබේ.
අතුරුදන් සංඛ්‍යාව 191 ක්.
ආරක්ෂිත මධ්‍යස්ථාන 716ක් පිහිටුවා එහි පවුල් 22,212ක් පුද්ගලයන් 78,010ක් රඳවා සහන සලසන බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
වැඩිම මරණ වන 52 වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
ඉන්පසුව වැඩිම මරණ 35ක් බදුල්ලෙන් තහවුරු වී තිබේ.
වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 105ක්.
27 දෙනෙක් බදුල්ලෙන් සහ තවත් 24 දෙනෙක් කෑගල්ලෙන් අතුරුදන් වී සිටියි.
පවුල් 17,868කට අයත් 646,567 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය තහවුරු කරයි.
මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ මුළු මහත් රට පුරා සියලුම දිස්ත්‍රික්වල ජනතාවයි.
දිට්වා සුළිකුණාටුව මේ වනවිට මෙරට භූමියෙන් පිටව ගොස් ඇතත් හෙට දිනයේදීත් එහි බලපෑමෙන් තවදුරටත් වැසි පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.